අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය අලෙවි කරණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළ දැමීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ සහන මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වන බව එම ආයතනය සඳහන් කරයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව ද ලංකා සතොස ආයතනය වැඩිදුරටත් පවසයි.
