පාර්ලිමේන්තුවේ ඕනෑම මාතෘකාවක් පිළිබඳව දීර්ඝව සහ පැය ගණනාවක් පුරා දේශන පැවැත්වීමට ප්‍රසිද්ධියක් උසුලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, මින් ඉදිරියට සිය කතා සීමා කරන ලෙසට ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
විපක්ෂයේ සෙසු කථිකයන්ට පාර්ලිමේන්තුව තුළ නිසි අවස්ථාව නොලැබීම පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි මෙම මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායකවරයා හමුවේ සිය නොසතුට පළ කර ඇත.
“ඔබතුමාම හැමදේටම කතා නොකර සෙසු මන්ත්‍රීවරුන්ටත් වැඩි අවස්ථාවක් දෙන්න. එතකොට අපිට පුළුවන් ඔබතුමාව රටේ ඉහළම පුටුවට ගෙනියන්න,” යනුවෙන් ඔවුන් එහිදී සෘජුවම ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය හරහා ඔවුන් ඉඟි කර ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ අතිරික්ත කථිකත්වය පක්ෂයේ ජනප්‍රියත්වයට පවා අහිතකර ලෙස බලපාන බවයි.
සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රශ්නයකට ඉංග්‍රීසි හා සිංහල මිශ්‍රිතව දීර්ඝ පිළිතුරු ලබා දෙන සජිත් ප්‍රේමදාස, තමන්ගේ කතාව නතර කරන ලෙස කළ මෙම ඉල්ලීම හමුවේ කිසිවක් කරකියා ගත නොහැකිව මොහොතක් නිහඬව සිට ඇති බව ද වාර්තා වේ.
මේ අතර, එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේම විවේචනය කිරීමට පටන් ගෙන ඇති අතර, මෙය පක්ෂය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කර ඇත. පක්ෂයේ ප්‍රධාන තනතුරු සහ නිලතලවල කඩිනම් වෙනසක් සිදු කරන ලෙසත්, එක් පුද්ගලයෙකු වටා පමණක් භ්‍රමණය වන දේශපාලන ක්‍රමය වෙනස් කරන ලෙසත් මෙම මන්ත්‍රීවරුන් දිගින් දිගටම බලපෑම් කරමින් සිටිති.