මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර තිබෙනවා. මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා කියා සිටියා.
Check latest article from this author !
රවීට ඇප ඉල්ලද්දී කියූ අරුම පුදුම ලෙඩ ගොඩ මෙන්න !
August 31, 2026
Recent Posts
- රවීට ඇප ඉල්ලද්දී කියූ අරුම පුදුම ලෙඩ ගොඩ මෙන්න !
- “යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවා ගැනීම ප්‍රධාන අභියෝගයක්” – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගෙන් ප්‍රකාශයක්!
- ඩොලර් බිලියන 10 සීමාව පනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ලැබූ දැවැන්ත ආදායම් වර්ධනය මෙන්න!
- විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!
- භූතානයේ පැවැත්වෙන GCFSS සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වෙයි !