මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දරමින් සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තුන්වන වරටත් ජනාධිපති ලෙසින් පත්වීම සඳහා කුමන්ත්‍රණකාරී පසුබිමක් නිර්මාණය කරමින් තිබූ සමයක ඩෑන් ප්‍රියසාද්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු අන්තවාදී කල්ලියක් මුස්ලිම් ජනතාවට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාර දියත් කරනු ලැබීය.
එම මුල් ප්‍රහාරය 2024 ජූනි 14 වෙනි දින අලුත්ගම දර්ගා නගරයට එල්ල කළ අතර, එහිදී තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට බරපතළ තුවාල සිදු කළ අතර, දේපළ ගිනි තබා විනාශ කරනු ලැබීය. නියමිත කාලයට පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ සැලසුම් කළ අතර එම ජනාධිපතිවරණය 2015 ජනවාරි 08 වෙනිදා පැවැත්වීය. එම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ අතර, මුස්ලිම් ජනතාව කෝපයට පත් කරමින් ගෙන ගිය කුමන්ත්‍රණකාරී සැලැස්මට අනුව හට ගත් වෛරී පරිසරය තුළින් බිහි වූ ඉස්ලාම් අන්තවාදීන් යොදා ගනිමින් 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කර ගෝඨාභය රාජපක්ෂ බලයට පත් විය.
ඉන්පසුව, මහජන ආරක්ෂක අමාත්‍ය ලෙසින් පත් කර සිටි සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙන්නේ සහරාන් අන්තවාදී ක්‍රියාවල යෙදීම 2016 සිට නිරීක්ෂණය කළ බව ය. නමුත්, සහරාන් ඇතුළු කණ්ඩායමක් ඊට පෙර සිට බුද්ධි අංශ මගින් නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. මේ අනුව මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ප්‍රහාර දියත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ රාජපක්ෂ පවුල ඉන්පසුව මුස්ලිම් අන්තවාදීන් යොදා ගෙන දියත් කළ ප්‍රහාරයෙන් 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ බව පැහැදිලි වී තිබේ.
පිල්ලෙයාන් අත්තඩංගුවේ සිටියදී හඳුනා ගත් අන්තවාදීන් 08 දෙනෙකු රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගැනීමට පසුබිම නිර්මාණය කර ගත් ආකාරය අධිකරණය ඉදිරියේ හෙළි වෙමින් තිබේ.
‘දර්ගා නගරයේ තිදෙනෙක් මරුට’
බීබීසී සිංහල (16 ජූනි 2014)
අලුත්ගම නගරයේ දැඩි මතධාරී බෞද්ධ පිරිස් හා මුස්ලිම් ජනතාව අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියි.
දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දීයි වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.
වෙඩි තැබීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.
මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
මීට පෙර කිතුනු ධර්මය ප්‍රචලිත කෙරෙන පල්ලි ද දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වල ඉලක්කයට ලක් විය.
ලේ විලක්
තුවාල ලැබූ පිරිස් තාවකාලිකව රැඳී සිටි දර්ගා නගරයේ පිහිටි පල්ලියක් ලේ විලක් බවට පත් වී තිබූ අතර ඒ අවට මාර්ගයේ ලේ පැල්ලම් හා වෙඩි තැබීමෙන් ඇති වූ සිදුරු දැක ගත හැකි වූ බව එහි ගිය බීබීසී වාර්තාකරු සංදේශයට පැවසීය.
වෙඩි වැදීමෙන් මරණයට පත් එක් පුද්ගලයකුගේ සහෝදරයෙකු බීබීසී වාර්තාකරුට පවසා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් රැඳී සිටි පල්ලියක් ආරක්ෂා කිරීමට ඔහු එහි ගොස් සිටි බවයි.
එම ස්ථානයේ සිට වෙඩි වැදීමෙන් පාදය තුවාල ලැබූ මුස්ලිම් තරුණයකුගේ කම්මුල මත වෙඩි පහරක් ගෑවී ගොස් තිබෙන අයුරු ද දැක ගත හැකි විය.
ඇඳිරි නීතිය පැවති එම අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා රෝහල වෙත රැගෙන යාමට නොහැකි වූ බැවින් ඔහුට එම ස්ථානයේ දීම ප්‍රතිකාර ලබා දුන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
තම වෙළඳසැල ඇතුළු තවත් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳසැල් දහයකට වැඩි ප්‍රමාණයක් ගිනි තබා ඇති බව අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරික මොහොමඩ් නාදීක් සංදේශයට පැවසීය.
මෙම සිදුවීමත් සමග සියලු දෙනා තැති ගෙන සිටින බවයි පුද්ගලයන් ඝාතනයට ලක් වූ ස්ථානයේ සිටි මුස්ලිම් ජාතිකයන් බීබීසීයට කියා සිටියේ.
‘ආණ්ඩුවේ ආශීර්වාදය’
ගැටුම් පවතින අවස්ථාවේ පොලිසියෙන් උදව් ඉල්ලා සිටි නමුත් පොලිසිය ඒ සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් දැක්වූ බවයි ඝාතන සිදු වූ ස්ථානයේ සිටි පිරිස් චෝදනා කරමින් කියා සිටින්නේ.
නමුත් පොලිසිය පවසන්නේ ඔවුන් හැකි ඉක්මනින් එම ස්ථානයට ළඟා වූ බවයි.
මේ වන විට දින නියමයක් නොමැතිව බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ රාත්‍රියේ සුළු සිදුවීම් කිහිපයක් සිදු වූ නමුත් මේ වන විට තත්ත්වය සන්සුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය.
අලුත්ගම නගරයෙන් පිටත සිට පැමිණි දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් නගරයට ඇතුල්වීමත් සමග දෙපාර්ශවයම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව එම ප්‍රදේශයේ වෙසෙන සිංහල බෞද්ධ ප්‍රදේශවාසීන් කියා සිටිති.
‘අපි දෙගොල්ලට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒක බේරන්න කවුරුත් නැහැ. අපි එකම මනුස්සයකුටවත් ගහන්නේ නැහැ. ඒ මිස්නිසු අපිට ගහන්නෙත් නැහැ. අපි දන්නවා ඒක හොඳටම. නීතියත් අපිට හම්බ වුනේ පරක්කු වෙලා’ යයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලසන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් බීබීසීයට කියා සිටියේය.
‘ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව බෞද්ධයන් වර්ගවාදය පතුරවමින් සිටියා’ යනුවෙන් තවත් ප්‍රදේශවාසියෙක් සංදේශයට පැවසීය.
නමුත් ජනපති මහින්ද රාජපක්ෂ ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වගකිය යුත්තන් නීතිය ඉදිරියට ගෙන එන බවයි.
‘පිට අයයි ගැහුවේ’ අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ
බීබීසී සිංහල (16 ජූනි 2014)
අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා සම්බන්ධ වූයේ දර්ගා නගරයේ වැසියන් නොවන බව එම නගරයේ වෙසෙන සිංහල හා මුස්ලිම් වැසියන් කියා සිටිති.
රාත්‍රියේ විශාල වශයෙන් පිට පළාත් වලින් පැමිණි පිරිස් නගරයේ කලහකාරී ලෙස හැසිරුණු බවයි ගම්වාසීන් පවසන්නේ.
ගැටුම් පැවති බොහෝ ස්ථානවලට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් පොලිස් ආරක්ෂාව ලැබෙන මොහොත වන විට පහර දීම් සිදු වී අවසන්ව තිබුණු බවත් ඔවුන් කියා සිටියි.
මේ අතර අලුත්ගම නගරයේ දැඩි මතධාරී බෞද්ධ පිරිස් හා මුස්ලිම් ජනතාව අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියි.
ගැටුම් ආරම්භ වීමත් සමග දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දීයි වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.
වෙඩි තැබීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.
මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්‍යයට දොස්
ලංකාදීප (2014 ජූනි 25)
අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්‍යයට දොස්
2014 ජූනි 25 | ප.ව. 05:25
අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන බලවත් කනස්සල්ල පළ කරන බව බෞද්ධ සංවිධාන විසි තුනක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය,කොළඹ තරුණ බෞද්ධ සංගමය,රාජ්‍ය සේවා බෞද්ධ සංගමය,කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය,ජයග්‍රහණය සංවිධානය ,බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව,ධර්ම විජය පදනම,ජාතික සංඝ සම්මේලනය,බොදු බල සේනා ,සිංහල රාවය ජාතික සංවිධානය,සිංහල වීරවිදහන,ජාතික විද්වත් සභාව,බෞද්ධ බල කේන්ද්‍රය,හෙළ බොදු සවිය,දේශප්‍රේමී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ,ස්වර්ණ හංස පදනම,හෙළ දැය වඩන්නෝ,රාවන සවිය ජාතික සංවිධානය ,හෙළ යුගය ජාතික සංවිධානය,හෙළ විජය ජාතික ව්‍යාපාරය,ඓතිහාසික පුද බිම් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය,ශාන්ති පදනම,ශ්‍රී ලංකා මහාබෝධි පදනම එම සංවිධානයෝය.
පසුගිය 22 වැනිදා කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට රැස්ව මෙම ඒකාද්ධ ප්‍රකාශය නිකුත් කළේය.
එහි මෙසේ සඳහන් වේ.
පසුගිය පොසොන් පොහෝය දිනයේදී (2014-06-12) පතිරාජගොඩ,කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්වාමීන්වහන්සේ ධර්මදේශනයක් සඳහා පතිරාජගොඩ ශ්‍රී විවේකාරාමයට වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පිරිසක් පාර අවහිර කිරීමත් උන් වහන්සේට පහර දීමත් හේතුකොටගෙන ඇති වු සිදුවීම් දාමය පිළිබඳව විවිධ මත විචාර,විග්‍රහ දේශිය හා විදේශිය විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශට පත් කැර ඇත.
එමගින් අයගම සමිත ස්වාමීන්වහන්සේට හිමි වු අසාධාරණයත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසු මෙම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සිදු වු අසාධාරණයත් අප තුළ බලවත් කනගාටුවක් හා කනස්සල්ලක් ඇති කරයි.මෙම සිදුවීම් දාමයේ සත්‍ය කතාවේ ඇත්ත නැත්ත මාධ්‍ය මගින් වසා දමමින් බෞද්ධ ජනතාවගේ හඬ සැළැසුම් සහගතවම වාරණයකට ලක් කරන ලදි.එබැන් ඒ පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය රජයට පළ කර සිටින අතර මේ රටේ බෞද්ධ භික්ෂුන් වහසේලාටත් බෞද්ධ ජනතාවටත් දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය බොරු ප්‍රචාර හරහා සිදු වු අප කීර්තියට හා අගෞරවයට බෞද්ධ විරෝධි මාධ්‍ය වාරණයකට කටයුතු කළ බලධාරීන් මෙහි වගකීම බාර ගත යුතුය.
බොහෝමයක් දේශිය විදේශිය මාධ්‍ය හරහා ගෙන ගිය මෙම සිදු වීම මුල් කර ගෙන ප්‍රචාර වලින් සිදු වුයේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනයා ස්ලාම් ,කිතුනු,හින්දු කිසිදු ආගමක් නොඉවසන ආචාරශිලී ගෝත්‍රවාදී අන්තවාදී සමාජයක් ලෙස පෙන්වාදීමටය.
අලුත්ගම සිදු වීමේ සත්‍ය කතාව රටට හෙළි කර නීතීය ක්‍රියාත්ම කරනවා වෙනුවට සිංහල බෞද්ධයන්ගේ හඩට මුකවාඩම් දැමීම හා මාධ්‍ය ආයතනවලට වාරණ නියෝග නිකුත් කිරීම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒක පාර්ශවික ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව අප හෙළා දකින අතර සිංහල බෞද්ධ සමාජයට කළ අසාධාරණය පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල හා විරෝධය මෙයින් පළ කර සිටින අතර අලුත්ගම සිදු වීමේ සත්‍ය කතාව පහත සැකෙවින් දක්වමු.
01පොසොන් පොහොය දින පතිරාජගොඩ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්වාමීන්වහන්සේ ධර්ම දේශනයක් සඳහා වැඩම කරමින් සිටියදී පිරිසක් පාර හරස්කරගෙන සිටීම නිසා ඔවුන්ට ඉවත් වන ලෙස දැනුම් දීම හේතු කරගෙන ගැටුමක් ඇති විය.
02එහිදී එම තරුණයින් පිරිසක් අයගම සමිත ස්වාමීන්වහන්සේට පහර දුන් අතර මේ පිළිබඳව අලුත්ගම පොලීසියට පැමිණිලි කරන ලදි.පැමිණිල්ල විභාග කර සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලීසිය හිතාමතාම සිද්ධිය සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින් බොහෝ වෙලාවක් රස්තියාදු කරන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය.මෙම පහරදීම සම්බන්ධ අය පොලීසියට ගෙනවිත් සමාව ඉල්ලා සිටින්නේ නම් මෙය සමතයකට පත් කැර ගැනීමට අයගම සමිත හිමියන් එකඟතාව ද පළ කළේය.පොලීසිය නීතීය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වු නිසා පහරකෑමට ලක් වු අයගම සමිත හිමි රෝහල් ගත විය.
නීතීය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම නිසා අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්වු බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති විය.මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශය පුරා බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් හා ආතතියක් ඇති විය.ඒ වගේම කටකතා ද පැතිර ගියේය.
මෙම තත්ත්වය හේතු කරගෙන අලුත්ගම බේරුවල ශාසනාරක්ෂක බලමණ්ඩලය හා භික්ෂුන් වහන්සේලා එකතුව මෙයට විරෝධය පළ කිරීම සඳහා අයගම සමිත ස්විමීන්වහන්සේ පිළිගෙන විහාරස්ථානයට වැඩම කරවීම සඳහා 2014-06-15 වැනි ඉරු දින බොදු හමුවක් අලුත්ගම නගරයේ පැවැත්වීමට කටයුතු කෙරිණි.
එම බොදු හමුව බොදු බල සේනා හෝ සිහල රාවය විසින් සංවිධානය කරන ලද්දක් නොවේ .ජාතික මට්ටමේ බෞද්ධ සංවිධාන වලට ද මෙම අවස්ථාවට ආරාධනා කරන ලදි.එම බොදු හමුවට පොලිස් අවසරය ලැබුණු අතර සිද්ධීය වු පතිරාජගොඩ දර්ගා නගරය වෙනුවට අලුත්ගම නගරයේ මේ බොදු හමුව පැවැත්වුයේ ගැටුමක් ඇතිවීම වැළැක්වීමේ චේතනාව නිසාමය.
04මෙවැනි සිද්ධියකින් පසු පැවැත්වෙන බොදු හමුවක ආවේගශිලී හැගීම්බර කතා පැවැත්වුවද කිසි විටෙකත් මුස්ලිම් ජාතිකයින්ට පහරදීමට මෙම රැස්වීම තුල පෙළඹවීමක් ඇති කළේ නැත.
මෙම රැස්වීම පුරා සිංහල බෞද්ධයන්ට ඇති වු අසාධාරණයන් හා දුක් ගැනවිලි විවිධ ස්වරයෙන් ඉදිරිපත් විය.
පොලීසියේ, දේශපාලනඥයනේගේ හා ඇතැම් අන්තවාදී අයගේ ක්‍රියා කලාප එහිදී විවේචනයට ලක් විය.බොදු හමුව නිමා වීමෙන් පසුව සාමකාමී පිරිස විසුරුවා හැරීමට සංවිධායක භික්ෂුන් වහන්සේලා කටයුතු කළ අතර ඒ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල මහතා වේදිකාවට නැඟ භික්ෂුන් වහන්සේලාට ස්තූති කළේය.
ඉන්පසු භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සමඟ අයගම සමිත හිමියන් උන්වහන්සේගේ විහාරස්ථානයට වැඩම කරවීමට පා ගමනින් ගිය අවස්ථාවේ දී දර්ගා නගරයේ ද පොලු වලින් හා ගල් මුගුරුවලින් පහර දෙන්නට වු අතර එහිදී මාගල් කන්දේ සුධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමක් පහර කෑමට ලක් වු අතර එල්ල වු පහරකින් බිම ඇද වැටුණු සුධම්ම හිමියන් සිහිසුන් වීමෙන් පසු රෝහල්ගත කැරිණි.
ප්‍රහාර මැඩ පැවැත්වීමට පොලීසිය අසමත්වීමත් බොදු හමුවට සහභාගී වී විසිර යමින් සිටි පිරිසට මෙම ආරංචියත් සමඟ නැවත එකතු වී පහර දෙන පිරිස් වලට පෙරළා පහර දෙන්නට පටන්ගත් අතර එතැන් සිට සිදු වු ප්‍රචණ්ඩකාරී හා ගැටුම්කාරී තත්ත්වය සියලු දෙනා දන්නා කරුණකි.
මෙම ගැටුම් වලින් පතිරාජගොඩ ගම්මානයේ සිංහල බෞද්ධ ජනතාවට සිදු වී ඇති අලාභහානී මෙන්ම වැලිපැන්න නගරයේ බුදු මැදුරටත් එහි සිංහල ව්‍යාපාරික ස්ථාන වලටත් සිදු වී ඇති හානීය සුපුරුදු පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝග මගින් මාධ්‍ය වාරණයකට ලක් විය.
බෞද්ධ ජනතාවගේ විරෝධතා උද්ඝෝෂණ තහනම් කැරිණි.එහෙත් ඇතැම් කණ්ඩායම් බෞද්ධ විරෝධි ප්‍රකාශ හා විදේශිය වශයෙන් බොරු ප්‍රචාර ගෙන යාමට ද ඉඩ ලබා දෙන ලදි.එම සිද්ධි වලට සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් වලදී අපක්ෂපාතීව කටයුතු කරනවා වෙනුවට පක්ෂග්‍රාහීව කටයුතු කළ බව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා දාමයෙන් මේ වන විටත් මොනවට පැහැදිලි වෙමින් ඇත.පෙට්‍රල් බෝම්බ අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දින දෙකකදී ඇප ලබා නිදහස ලබද්දී මෙම සිද්ධී හා සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගන්නා නිරායුධ සිංහල තරුණයින් සති ගණන් බන්ධනාගාර ගත කැර ඇත.
නීතීය පක්ෂග්‍රාහීව සිදු වන බව ප්‍රදේශවල දැන් සිදුවෙමින් තිබෙන සිදුවීම් වලින් පැහැදිලි වන අතර එය ප්‍රදේශයේ බෞද්ධ ජනතාව අතර නොසන්සුනාතාවක් ඇති කිරීමට හේතු වී ඇත.
මෙමගින් අප බලාපොරොත්තු වන්නේ මාධ්‍ය මගින් වාරණයකට ලක් වු අලුත්ගම කතාවේ ඇත්ත නැත්ත ඔබ හමුවේ තබමින් බෞද්ධ ජනතාවගේ සිත් තැවුල් පිළිබඳව අවධානය කරමින් ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටීමට මිස ජාතිවාදයක් හෝ ආගම්වාදයක් අවුස්සන්නට නොවන බව කරුණා මෛත්‍රීය පෙර දැරිව දන්වා සිටීමට කැමැත්තෙමු.