නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ පූර්ණ බලතල දරමින් මෙහෙයවූ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය වෙනුවෙන් විදේශ රටවලින් ලැබුණු ප්‍රධාන කන්ටේනර් තොගයක්, රේගු පරීක්ෂාවකින් තොරව හොර රහසේ වරායෙන් පිට කර ඇති බව අනාවරණය වී තිබේ.
හිටපු මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් ලියන ලද ලිපි එකතුවක් ඇසුරින් ප්‍රකාශයට පත් කරන ලද ‘රාජපක්ෂ සමාගම’ නමැති කෘතිය මඟින් මෙම තොරතුරු හෙළිදරව් කර ඇත.
සමාගම් පනත යටතේ 2007 අප්‍රේල් 04 වන දින ලියාපදිංචි කර ඇති මෙම සංවිධානයේ නිල ලිපිනය ලෙස ලබා දී ඇත්තේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයයි. නාමල් රාජපක්ෂ එම සංවිධානයේ සභාපතිවරයා ලෙසත්, යෝෂිත රාජපක්ෂ එහි උප සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.
අදාළ සංවිධානය මඟින් හොර රහසේ කන්ටේනර් පිට කිරීම පිළිබඳව ‘රාජපක්ෂ සමාගම’ කෘතියේ මෙසේ සඳහන් වේ:
“තාරුණ්‍යයට හෙටක් සංවිධානය ආරම්භ කර ඇති යූත් ටීවී ආදී ව්‍යාපෘතිවලට අවශ්‍ය බදුවලින් බේරී යා හැකිය. විදේශීය සහ දේශීය ප්‍රදානවලට බදුවලින් බේරී යා හැකිය. එසේ වුවද එම සංවිධානයේ නමට විදේශයන්ගෙන් ලැබෙන කන්ටේනර් හොර රහසෙන් වරායෙන් පිට කිරීමේ වුවමනාවක් ඇති වන්නේ නැත.”
මෙම සිදුවීමට අදාළව කන්ටේනර් පිට කිරීම සම්බන්ධයෙන් 2010 ජනවාරි 17 සහ 24 යන දිනවලදී සවිස්තරාත්මක ලිපි පළ කර තිබූ බව ද එම කෘතියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.