2029 දී පැවැත්වීමට නියමිත ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2026 සැප්තැම්බර් 20 වන ඉරිදා පැවැත්වුණු ෆෙඩරල් සභා අතුරු මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික AfD පක්ෂය, පාලක CDU ලිබරල් පක්ෂය හා SPDය පරදවා දුප්පතුන්ගේ හඬ ලෙස සැලකෙන DIE LINKE පක්ෂය විසින් ඉදිරිපත් කල ELIF ERSALF 25%ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇත. මේ අතර DIE LINKE පක්ෂය ඉදිරිපත් කල සම්භවයෙන් තුර්කි ජාතික කාන්තාවක් වන ELIF ERSALF ලැබූ ජයග්‍රහණය යුරෝපයේ සියළු වාමාංශික පක්ෂවලට නව අපේක්ෂාවන් ලබා දී ඇති බව වර්තා වේ.

සම්ප්‍රදායික පක්ෂ අබිබවමින් හා අන්ත දක්ෂිණාංශික පක්ෂ ප්‍රතික්‍ෂේප කරමින් ජනතාව විකල්ප වෙත ඇදීයාම තවදුරටත් මෙම ජයග්‍රහණයෙන් සනිහුටන් කරන බව දේශපාලන විශ්ලේෂකයින් මේ අතර පෙන්වා දෙන්නේ ස්වීඩනයේ වාමාංශික පෙරමුණ ජයග්‍රහණය කිරීමද උපුටා දක්වමිනි. ඒ අනුව ජර්මනියේ මෙන්ම යුරෝපය තුල අන්ත දක්ෂිණාංශිකයින්ගේ නැගීටීම සඳහා විකල්පය ලෙස විකල්ප වාමාංශික ව්‍යාපාර වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටි. නීතිඥවරියක් වන ELIF ERALP, ඉරිදා බර්ලිනයේ නිවාස අර්බුදය හා බඩුමිල ඉහල යාමට එරෙහිව තම මැතිවරණ ව්‍යාපාරය මෙහය වූ අතර ජර්මානු අගනුවර පළමු රැඩිකල් වාමාංශික නගරාධිපතිනිය ලෙස ඇය පත් වීමට නියමිතව ඇත.

මූලික ඇස්තමේන්තු වලට අනුව ඡන්දවලින් 25%ක් පමණ ලබා ගනිමින් ඡන්ද විමසීම්වලට නායකත්වය දෙන මෙම 45 හැවිරිදි ELIF ERALP තම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියාය.

“කිසි විටෙකත් අත් නොහරින්න, සැමවිටම නැවත නැවතත් නැඟිටින්න, සැමවිටම හඬ සමස්ථ ජනතාව පිළිගන්නා තුරු සටනේ රැඳී සිටින්න යන ශ්‍රේෂ්ට වටිනාකම් මා තුළ ඇති කළ තම දෙමාපියන්ට මම ස්තූති කරනවා”යයි කියා සිටියාය.

කෙසේ වෙතත් ඇයගේ නගරාධිපති සිහිනය සැබෑ වීමට නම් අගනුවර දිගු කලක් පාලනය කළ නමුත් 12% ලබා ගනිමින් මැතිවරණ ඉතිහාසයේ නරකම ප්‍රථිපල ලබා ගත් SPD සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හා ඡන්දවලින් 15%ක් ලබා ගත් හරිත පක්ෂයට ඒත්තු ගැන්විය යුතුය.

එය සාර්ථක වුවහොත් සංක්‍රමණික පසුබිමක් ඇති බර්ලිනයේ පළමු නගරාධිපතිනිය ඇය වනු ඇත.

ඇගේ මැතිවරණ වැඩ පිළිවෙලේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ නිවාස ප්‍රශ්ණය සඳහා වන අතර බර්ලීනයේ වසා ඇති නිවාස 270,000ක් ජනතා අයිතියට ලබා ගැනීම සඳහා ඒවායේ අයිතිය ඇති විශාල දේපළ හිමි වෙළඳාම් කණ්ඩායම් වලින් අත්පත් කර ගැනීමට ඇය අපේක්ෂා කරනු ලබයි. හරිත පක්ෂය මෙයට සහාය දක්වන නමුත්, SPD අපේක්ෂක ස්ටෙෆන් ක්‍රාච් බ්‍රහස්පතින්දා අවසන් විවාදයේදී ප්‍රකාශ කළේ එය “නිවැරදි මාවතක් නොවන” බවයි. එය දීර්ඝ ක්‍රියාවලියක් වන බවත් සහ ඔහුට අනුව යුරෝ බිලියන 20 සිට 30 දක්වා වූ දැවැන්ත මූල්‍ය ප්‍රාග්ධනයක් ඒ සඳහා අවශ්‍ය බවත් පෙන්වා දේ.

කෙසේ වෙතත් බර්ලිනයේ විශාලතම සමාජ අභියෝගය බවට පත්ව ඇත්තේ නිවාස ගැටලුව ලෙස සැලකේ. විවාහක සහ දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ELIF ERALP පවසන්නේ ඇය වසර ගණනාවක් තිස්සේ තම පවුල පංදිචි කිරීම සඳහා මහල් නිවාසයක් සොයමින් සිටි බවයි. 1981 දී මියුනිච් හි උපත ලැබූ ELIF ERALP 1980 දී තම රටින් පලා ගිය තුර්කි වෘත්තීය සමිති නායකයෙකු ගේ දියණියක් වේ. නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් පක්ෂය වන SED හි මුල් බැසගත් පක්ෂයක් වන DIE LINKE පක්ෂය හා සම්බන්ධ වීමට පෙර ඇය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම, විශේෂයෙන් සංක්‍රමණිකයන් සඳහා තම නීති වෘත්තිය මගින් සේවය කරමින් සිටියාය.

ජර්මනියේ දී ඇගේ පවුලේ අය මුල් වසරවල ගත කල ඉතා දුෂ්කර කාල පරිච්ඡේදය දේශපාලනයට පිවිසීමට බොහෝ දුරට බලපෑ බව ඇය පවසා සිටි.

“මට බොහෝ අසාධාරණයන්ට මුහුණ දීමට සිදු වූ නිසා. බර්ලිනයේ, සංක්‍රමණික පසුබිමක් ඇති කෙනෙකු නගරාධිපතිනිය වුවහොත් එය සැබවින්ම ප්‍රබල සංඥාවක් වනු ඇත,” යයි ඇය මෑතකදී මාධ්‍ය වෙත පැහැදිලි කළාය.

මේ අතර සැප්තැම්බර් 20 මැතිවරණයෙන් රටේ නැගෙනහිර කොටසේ එනම් Mecklembourg ප්‍රාන්තයේ ජයග්‍රහණය අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ජර්මනිය සඳහා විකල්පය (AfD) 37% ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ලැබිණි. Mecklembourg ප්‍රන්ත්‍රය අන්ත දක්ෂිණාංශික, සංක්‍රමණික විරෝධී පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකේ. මේ වන විට දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව AFD පක්ෂය ජර්මනිය පුරා බලය තහවුරු කර ගනිමින් සිටීම සමස්ථ යුරෝපයේ ම දැඩි සැලකිල්ලට භාජනය වී තිබේ.

ELIF ERALP ගේ ජයග්‍රහණය තුල ඇයගේ විදේශීය සම්භවය සහ ඇයගේ වාමාංශික පැතිකඩ නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ධුරයට පත් වූ පිටස්තරයෙකු වන Zohran Mamdani සමඟ හා සැසඳීම් කිරීමට ද දේශපාලන විචාරකයින් උත්සක වී ඇත.

ඔහු මෙන්ම,  ඇය හා DIE LINKE පක්ෂය පලස්තීන ජනතාව වෙනුවෙන් ඍජුව පෙනී සිටින නිසා යුදෙව් විරෝධී චෝදනාවලට ද ලක් වී ඇත. එම චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන ELIF ERALP පවසන්නේ තම මැතිවරණ ව්‍යාපාරය අතරතුර “බර්ලිනයේ යුදෙව් ජීවිතය ආරක්ෂා කිරීම” සඳහා සැලැස්මක් අවධාරණය කළ බවත්ය. එසේම තමන් කුමන ආකාරයේ හෝ යුදෙව් විරෝධීවාදයක් නොඉවසන” බවත් එසේම “ඊශ්‍රායලය සහ යුදෙව් ආගම නිරන්තරයෙන් මිශ්‍ර කිරීමට” ගන්නා උත්සාහයන් ටත් විරුද්ධ වන බවත් ඇය අවධාරණය කර සිටියාය.

ELIF ERALP හා ඇයගේ DIE LINKE පක්ෂය ජාත්‍යන්තරව සාම්ප්‍රදායික ජර්මානු පක්ෂවලට වඩා ඊශ්‍රායල රජය කෙරෙහි වඩාත් විවේචනාත්මක සහ මිලිටරි විරෝධී ස්ථාවරයක් සහිතව, පලස්තීනුවන්ට තමන්ගේම රාජ්‍යයක් සඳහා ඇති අයිතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ප්‍රවේශය දිගින් දිගටම ආරක්ෂා කරති.

නිව්යෝර්ක්හි  නගරාධිපති වන Zohran Mamdani මෙන්ම  ELIF ERALP ද නිවාස, ජීවන වියදම, තරුණ ප්‍රශ්ණ  සහ සමාජ අසමානතාවයන්ට ප්‍රමුඛත්වය දෙන නව වමේ පරම්පරාවක් නියෝජනය කරනු ලබයි. 1989 සෝවියට් කඳවුරේ බිඳ වැටීමේ සංකේත නගරය ලෙස සැලකෙන ජර්මනියේ බර්ලීනය වැනි නගරයකින් ආරම්හ වන මෙම නව වාමාංශික ප්‍රවණතාවය ඉතා වේගයෙන් යුරෝපය තුල හිස ඔසවමින් තිබෙන අන්ත දක්ෂිණාංශික නාසිවාදයට එරෙහිව එකම විකල්පය බවට පත්වීමේ හැකියාව අපුර්ව සිදු වීමක් බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ.