හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් අද (28) යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමඟ සම්බන්ධ බව කියන අල්ලස් වංචා සිද්ධියක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට පෙර මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔවුන් අද (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණි. එම නියෝගයට අනුව රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් අදාළ කාලය අවසන් වීමෙන් පසු අද දින මෙලෙස යළි අධිකරණයට ඉදිරිපත් කර ඇත.