හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක රඳවා ගැනීමේ නියෝගවලින් වෙන් කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලබා දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධියට අදාළව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ වර්ෂ විතාන යන අය ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සංවිධානාත්මක අපරාධකරුට සහනයක් සැලසීම සඳහා මෙතරම් විශාල මූල්‍යමය අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.