වර්තමාන ලාංකේය දේශපාලන කරළිය තුළ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් ‘එකාබද්ධ විපක්ෂය’ නමින් රඟදැක්වෙන නාටකය දෙස බලන විට පෙනී යන්නේ, එය කිසිදු සමාජ බලපෑමක් කිරීමට සමත් නොවන , “අපේ චූන් අපිට චූන්” යන මට්ටමේ පවතින, පටු දේශපාලන අරමුණු සහිත රැස්වීම් මාලාවක් පමණක් බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම රැස්වීම්වල මුල් පුටුවල සිටින්නේ එකම පිරිසකි; කතා පවත්වන්නේ ද, තමන්ගේ කතාවලට තමන්ම අත්පොළසන් දී ගන්නේ ද ඒ පිරිසමය. ජනතාව රොද බැඳගෙන මේවාට නොපැමිණිය ද, මෙම නිෂ්ඵල වේදිකාව තුළ ඉතා සූක්ෂ්ම දේශපාලන ක්‍රීඩාවක් දියත් වෙමින් පවතී.
එහි කැපී පෙනෙනම සිද්ධිය වන්නේ පාටලී චම්පික රණවක විසින් මෙම වේදිකාව ‘හයිජැක්’ (Hijack) කරනු ලැබීමයි. සාගල රත්නායක, වජිර අබේර්වර්ධන සහ නිමල් සිරිපාල ද සිල්වා වැනි ජනතාව ඇමතීමේ සන්නිවේදන කුසලතාවයෙන් අතිශය දුර්වල පිරිසක් මැද, චම්පික රණවක සිය කථිකත්වය සහ ඉංජිනේරුමය තර්ක භාවිත කරමින් සෙස්සන් අභිබවා පෙරමුණට පැමිණ සිටී. රනිල් වික්‍රමසිංහ තමාට දේශපාලන හුස්ම ගැනීමට තනාගත් මෙම අවකාශය, චම්පික රණවක විසින් සිය 2029 ජනාධිපති සිහිනය දියත් කිරීමේ අඩිතාලම ලෙස භාවිත කරන බව දැන් රහසක් නොවේ.
සාගල සහ වජිර වැනි දේශපාලනිකව වියැකී ගිය, පුහු චරිතවලට වඩා ප්‍රබල ලෙස වේදිකාව හැසිරවීමට සමත් චම්පික, මෙම ‘ඒකාබද්ධ විපක්ෂය’ සැබවින්ම චම්පිකගේ තනි ප්‍රචාරක යාන්ත්‍රණයක් බවට පත්ව ඇත. රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කරන ලද මෙම සංදර්ශනය, රටේ පොදු ජනතාවට කිසිදු බලපෑමක් නොකරන මුත්, විපක්ෂ අභ්‍යන්තරයේ බල අරගලයට නම් කදිම පිටියක් වී තිබේ. අවසානයේදී සිදුව ඇත්තේ රනිල් වේදිකාව තැනීමත්, චම්පික එහි ප්‍රධාන නළුවා වී අනෙක් සියල්ලන්ම අදක්ෂ ‘එක්ස්ට්‍රා’ නළුවන් බවට පත් කිරීමත් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි…
සටහන | LankaRedNews