දමිතා ඇතුලේ – හේෂා ගෙදර?
සමගි ජන බල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂකයන් පත් කිරීමේ අර්බුදය විසඳා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙස දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයට යොමු කර ඇති අතර මේ දක්වා එම දිස්ත්‍රික්කයේ මූලිකයා ලෙස ක්‍රියා කළ හේෂා විතානගේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. දමිතා අබේරත්නට එම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබාදිම පිළිබඳව මාධ්‍යයට
වීරකැටියේ ප්‍රභලයකුගේ නීතිවිරෝධී ඇතුන් දෙදෙනෙක් පාරේ
මේ වනවිට තංගල්ල වීරකැටිය පාරේ වත්තක සද්දන්ත ඇතුන් දෙදෙනෙකු ගැට ගසා සිටින බවත් එම ඇතුන් දෙදෙනා නීතිවි රෝධීව සන්තකයේ තබා ගෙන සිටින ඇතුන් දෙදෙනෙකු බවත් වාර්තා වේ. මෙම වත්ත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අයත් වත්තක් බවත් මෙතෙක් මෙම ඇතුන් දෙදෙනා හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොතේ ලියාපදිංචි කර නැති බවත්
ඉතිහාසයේ වූ වැරදි අපේ ආණ්ඩුවෙන් වෙන්න ඉඩ නොතබනවා
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය තුළම ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින්. “මේ සඳහා අපි විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩ බලන කොමසාරිස් පත් කරයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනි එම් එස්.පී සූරියප්පෙරුම පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර
වැඩ බලන සුරාබදු කොමසාරිස් පත් කිරීමට කැබිනට් අනුමැතිය
දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම් ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර නව එම ධුරයේ වැඩ බැලීස සඳහා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු.ඩී.එන් ජයවීර පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති
IMF උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන්
ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලැබුණු බවයි. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19
ඉන්දීය විදේශ ඇමති කිව්වේ මොනවද?
ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර අඛණ්ඩව ලබා දීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහතික වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ විදේශ ඇමති විජිත හේරත් සමග පැවති සාකච්ඡාවලදී. දෙරටේ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සාගර කලාපයේ
දේශපාලන පක්ෂ 05ක් අත්හිටුවයි
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය
එහෙනම් කොල්ලෝ අපි ගියා…
හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන එළැඹෙන මහමැතිවරණය සදහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ දේශපාලන දිවියට මේ වනවිට වසර 43ක් වෙනවා. වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් තමන් දැඩිව කළකිරීමට පත්ව සිටින බවයි ඔහු පවසන්නේ.
වරාය සභාපති ධුරය හිටපු නාවික හමුදාපතිවරයෙකුට
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ පත් කර තිබේ. ඔහු ඊයේ (03) වැඩ භාරගෙන ඇත. හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී ඇති අතර 2015 වර්ෂයේදී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි