යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. “දැනට ඔහුගේ භාරයේ ගිනිඅවි දෙකක් තියෙනවා. එය එක් ගිනිඅවියක්
නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී. නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බවයි. මෙම වර්ෂය
රනිල් ළඟට ගිය ප්‍රසන්න…
මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස සිට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය විශ්වාසවන්ත දේශපාලඥයෙකු ලෙසින් ක්‍රියා කළ ප්‍රසන්න රණතුංග මේ වනවිට සම්පූර්ණයෙන් ම සියළු පාර්ශව වෙතින් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු පෙරමුණ සහ ගොඩ නැගීමට උත්සාහ කරන දේශපාලන සන්ධානය ද ප්‍රසන්න රණතුංගව පිටමන් කර
ප්‍රබල තනතුරක් අහෝසි කරයි
යුද්ධය පැවති සමයේ හඳුන්වා දෙන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට පියවර ගන්නා බව හෙළිකර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අද (29) මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ එම ධුරය අහෝසි කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය.
තවත් අය කෙඳිරි ගාන්න ළඟයි
පසුගිය කාලයේ යට ගසා තිබූ ආන්දෝලනාත්මක අපරාධ 11 පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. එම අපරාධ අතර මූල්‍ය අපරාධ මෙන් ම, ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතන රැසක් ද පවතින බව පසුගිය සති අන්තයේ පුවත්පත්වලින් හෙළිකර තිබිණි. විශේෂයෙන් ම, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස
රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන නැවත කරළියට !
දේශපාලන අනුග්‍රහය මත සිදු කරන ලදැයි තහවුරු වී තිබෙන ආන්දෝලනාත්මක ඝාතන රැසක් පිළිබඳව නව මානයන්ගෙන් දියත් කර ඇති බව අනාවරණය වේ. වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ආදිය පිළිබඳ පරීක්‍ෂණ ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ ආකාරයෙන් නව මානයන්ගෙන් දියත් කිරීමට සිදු වී තිබේ.
යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි?… ඇත්ත කතාව මෙන්න
මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතා වූ යෝෂිත කනිෂ්ක රාජපක්ෂ හෙවත් ‘යෝ යෝ’ අද උදෑසන බෙලිඅත්තේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. යෝෂිත අත් අඩංගුවට ගැනුනේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයේ මහ මොළකරුවා ලෙස නොවේ. කළු සල්ලි සුදු කිරීමේ වරද හෙවත් මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත යටතේ සිදුකර
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති
විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…
විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල 30%කින් අඩු කිරීමට ගත් පියවර අනුව මෙලෙස මිල අඩුවන බව එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර සඳහන් කරයි. මේ අනුව