රටේ ජනතාව පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි, ආණ්ඩුව රකින්නයි – ටිල්වින් සිල්වා අවධාරණය කරයි
මෙරට ජනතාව ඉදිරියේදී මහමගට බහින්නේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට නොව, එය ආරක්ෂා කර ගැනීම සඳහා බව තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. 1971 අප්රේල් අරගලයේදී දිවි පිදූවන් සිහිපත් කරමින් ඊයේ (05) වවුනියාවේදී පැවති 55 වැනි ‘අප්රේල් විරු සමරුවේ’ ප්රධාන සමරු දේශනය පවත්වමින්
1971 විරුවන් ප්රාර්ථනා කළ යුක්තිගරුක සමාජය ගොඩනැගීමේ මූලාරම්භය තබා අවසන් – අමාත්ය විජිත හේරත්
1971 අරගලයට එක්වූ තරුණ පරපුර ප්රාර්ථනා කළ යුක්තිගරුක සහ සාධාරණ සමාජය ගොඩනැගීමේ මූලාරම්භය වත්මන් රජය විසින් මේ වන විට තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, විදේශ කටයුතු හා සංචාරක අමාත්ය විජිත හේරත් අවධාරණය කරයි. ඊයේ (05) මාතරදී පැවති 55 වැනි ‘අප්රේල් විරු සමරුවේ’ ප්රධාන සමරු දේශනය පවත්වමින් අමාත්යවරයා
ප්රභූ පන්තියට බලය ගිලිහෙයි කියා කිසිදා සිතුවේ නෑ; සතුරන් දැන් පෙරටත් වඩා ප්රබලව ක්රියාත්මකයි – අමාත්ය ලාල්කාන්ත
ඉතිහාසයේ ප්රථම වතාවට ප්රභූ නොවන පන්තියක් වෙත බලය හුවමාරු වීම දරාගත නොහැකිව, විරුද්ධවාදීන් පෙරටත් වඩා වැඩි සතුරු මානසිකත්වයකින් යුතුව වත්මන් රජයට එරෙහිව ක්රියාත්මක වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම් මෙන්ම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. ඊයේ (05) මාතරදී පැවති 1971 අප්රේල් අරගලයේ
සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්
ගම්මන්පිලගේ පාස්කු ප්රබන්ධය එළි දැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස, නීතිඥ සුජිත් සේනසිංහ ඇතුළු පිරිසක් සහභාගී වීම ද්රෝහී පාවා දීමක් බව එම පක්ෂයේ ම විශාල පිරිසකගේ මතය වී තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මේ බව එළිපිට ම ප්රකාශ කර ඇත. ඔහු එය ප්රකාශ කර තිබෙන්නේ
ජනපති සහ වතුකරයේ නායකයින් අතර සාකච්ඡාවක්
මලෛයහ ජනතාව මුහුණ දෙන ප්රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ ජ්යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී, කඳුකර ජනතාව දිගුකාලීනව මුහුණ දෙන අධ්යාපන, නිවාස සහ ඉඩම් හිමිකම් පිළිබඳ
මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයට වසර 09යි: ශ්රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
මීතොටමුල්ල කුණු කන්ද ගොඩකිරීමට එරෙහිව 2015 වසරේදී ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට අදාළ නඩු විභාගය අවසන් කරමින් ඊයේ (මාර්තු 31) ශ්රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ප්රකාශයට පත් කරන ලදී. ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මෙම තීන්දුවට අනුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්යම පරිසර අධිකාරිය, සහ කොළඹ මහ නගර සභාව ඇතුළු
එදා ‘සොනික්’ කිව්ව සජබය අද ගම්මන්පිලගේ වේදිකාවේ: පාස්කු විමර්ශන ගැන අලුත් දේශපාලන කතිකාවක්
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ ‘මහමොළකරු’ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ අවස්ථාවලදී දේශපාලන කරළියේ මතභේදාත්මක ප්රකාශ සිදු වූ පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල විසින් රචිත නවතම ග්රන්ථය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සහභාගී වීම දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අතීතයේදී සමගි ජන බලවේගය
පොලිසියේ පුටු රැසක් පෙරලේ
වහාම ක්රියාත්මක වෙන පරිදි පොලිස් මාරු කිරීම් රැසක් සිදු කර ඇත. පොලිස්පති ප්රියන්ත වීරසූරියගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරු 7 දෙනෙකු සහ ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහාම ක්රියාත්මක වෙන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඇතැම් පොලිස් නිලධාරීන් අන්ත දූෂිත ආකාරයෙන් රාජකාරි
පොල් අපනයනකරුවන්ට සහන දෙන්න නව බදු සංශෝධන රැසක්
දේශීය පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්රය ශක්තිමත් කරමින් අපනයනකරුවන්ට සහන සැලසීම සඳහා නව බදු සංශෝධන හඳුන්වා දීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න පවසයි. ඊයේ (30) පැවති විශේෂ සාකච්ඡාවකදී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු මෙන්ම, ඉදිරියේදී මුදල් අමාත්යාංශය හරහා
අන්තර්ජාලයෙන් කුඩු ගේන අයට රේගුවෙන් රතු එළියක්; බිලියන 100ක මත්ද්රව්ය මුහුදේදීම අල්ලයි
වත්මන් රජය බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ, මෙරට ක්රියාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 3,270ක (රු. කෝටි 327ක) දේපළ තහනම් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 2026 වසරේ මුල් මාස හතරේදී පමණක් පුද්ගලයන් 08 දෙනෙකුට අයත් රුපියල් මිලියන 170ක වත්කම් මෙලෙස තහනම් කර ඇත. ඊට