සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ. චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි
ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානි වූ වගාවන් සඳහා ලබා දෙන වන්දි මුදල් මේ මස අවසානයේ ලබාදීමට නියමිත බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. මේ වනවිට වගා හානි පිලිබද තක්සේරු කිරීම් 95%ක් පමණ අවසන් කර ඇති බවත් යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදනවා -හර්ෂණ නානායක්කාර
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි. ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවත්
ආණ්ඩුවේ දෝෂාභියෝගය සූදානම්
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති, නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය ඇතුළත් කර නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් පළ කර තිබූ සවිස්තර වාර්තාව බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙන් උපුටාගෙන පහත දැක් වේ : අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු
චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා
අනුර අද චීනයට…
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය. ජනාධිපති මාධ්‍ය අංශය
කෝප් සභාපති ධුරයට වෛද්‍ය නිශාන්ත සමරවීර
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් හි සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඒකමතිකව තේරී පත් වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.
ජනාධිපති සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක්
වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කර
ශ්‍රී ලංකාවේ “Clean Sri Lanka” වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ