දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිටට; අයිස් සහ හෙරොයින් මලු 11ක්
දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) පෙරවරු 06.00ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. නාවික හමුදාව සඳහන් කළේ, යාත්‍රාවේ තිබී සොයාගත් මලු 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය ‘අයිස්’ සහ ‘හෙරොයින්’ බවට මූලිකව හඳුනාගෙන ඇති බවයි. මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත ආධාර පැකේජයක්
දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක විශේෂ ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (23) ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
සැකයෙන් බැලීම නවතා එකම අරමුණකින් රට ගොඩනගමු – ජනාධිපතිගෙන් ආරාධනයක්
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකා දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තම වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ
දේශබන්දුට එරෙහි නඩුව ඉවත දැමීම නීති විරෝධියි – මහාධිකරණය තීන්දු කරයි
2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝ ගම’ අරගලකරුවන්ට එල්ල වූ පහරදීම වැළැක්වීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින්, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය ඊයේ (18) තීන්දු කළේය. සෙයියදු
බැංකු ලොක්කන් කෝප් කමිටුව නොමග යවයි: දයා ගමගේගේ ණය පොල්ල වසන් කිරීමට උත්සාහයක්
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ දයා ගමගේට අයත්ව තිබූ ‘බිම්පුත්’ (Bimputh) නැමැති මූල්‍ය සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (NSB) අති විශාල ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව කෝප් (COPE) කමිටු රැස්වීමේදී අනාවරණය විය. දැනට බංකොලොත් වී ඇති බව කියන මෙම ක්ෂුද්‍ර
දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට
“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව
කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට
රුපියල් කෝටි 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය. කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශවූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරේ. පරිපූරක ඇස්තමේන්තු යෝජනාව හෙට විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.
‘දිට්වා’ විපතට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්
දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රට යළි ගොඩනැගීම සඳහා හදිසි ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබා දීමට ලෝක බැංකු සමූහය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කළ ඔරොත්තු දීමේ
අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි
ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රජයට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින්
ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ හැකි