ඥාණසාර හිමි සිරගතවීම ගැන මෛත්‍රීපාල සිරිසේනගෙන් සංඝරත්නයට කොන්දේසි විරහිත සමාව අයැදීමක්
තම කාර්යාලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ වරදක් හේතුවෙන් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි සිරගත වීමට සිදුව ඇතැයි පවසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ප්රකාශ කරයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික
මෛත්‍රී අල්ලස් කොමිසමට
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.
මෛත්‍රී CIDයට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයක් ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ජනාධිපති අරමුදලේ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෛත්‍රියට නොතීසි…
ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ. මෙම නොතීසි නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමට අදාළව වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කළ මුදල ගෙවීම පැහැර හැරීමයි.
චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?
හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී. අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන්