එයාර් බස් අධි චෝදනා නඩුවේදී නාමල් රාජපක්ෂගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව විශ්ලේෂකයන්ගේ අවධානය
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අධි චෝදනා ගොනු කිරීමත්, ඔහුගේ බිරිඳ ලිමිනි වීරසිංහ පිළිබඳව ප්රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමත් කෙරෙහි දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
එම චෝදනාවම එල්ල වී ඇති ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි අදාළ අධිකරණ ක්‍රියාමාර්ගයට මුහුණ දී තමන්ගේ නිදොස් බව ඔප්පු කර ගැනීම වෙනුවට රටින් පලා යාම බරපතළ තත්ත්වයක් බව ද එහිදී පෙන්වා දී ඇත.
ඊට අමතරව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් කරුණු දැක්වූ මොහොමඩ් අලි සබ්රි කියා සිටියේ ශිරන්ති රාජපක්ෂ තීරණාත්මක ශල්‍යකර්මයකට මුහුණ දෙන බවත්, මහින්ද රාජපක්ෂ දැඩි විෂාදයකින් පෙළෙන බවත්ය.
එහෙත් පසුගිය 20 වන දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව සඳහන් කරමින් ඇප අයැදුම් නොකරන බවයි. ඒ වෙනුවට පෞද්ගලික නිදහස සීමා කළ නොහැකි බවට ජාත්‍යන්තර නඩු තීන්දු උපුටා ගනිමින් ඔහු කරුණු දක්වා තිබේ.
අධිකරණය ඉදිරියේ නීතිඥවරුන් ඉදිරිපත් කරන කරුණු තුළ පවා එක මතයක් නොතිබීම පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.