ජනාධිපති, අනුර කුමාර දිසානායක චීනයේ නිල සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් ලෝක මහා බලවතුන් සියලු දෙනාගේ ම ප්‍රබල අවධානයක් යොමුව ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අද (13) රාත්‍රියේ ජනාධිපති චීනය බලා පිටත්ව ගියේය. ඒ සිව් නිල සංචාරයක් වන අතර මෙරට තීරණාත්මක ව්‍යාපෘති 07ක් සම්බන්ධයෙන් චීනයේ ආධාර ලබා ගැනීමට සැලැසුම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, විශ්ලේෂකයෝ මත පළ කර ඇත.

ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව මෙන් ම රුසියාව ප්‍රමුඛ සියලුම ආර්ථික සහ යුද බලවත්තු මෙම සංචාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත. ජනාධිපති ඉන්දියාවේ සංචාරයක යෙදීම සම්බන්ධයෙන් ඇති වූ ලෝක අවධානයට වඩා ප්‍රබල අවධානයක් මෙම චීන සංචාරය සම්බන්ධයෙන් යොමු කර ඇතැයි සියලුම ප්‍රධාන විදෙස් මාධ්‍ය වාර්තාවලින් හෙළි වී තිබේ.