රුසියානු නියෝජ්ය බලශක්ති අමාත්යවරයා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්ය බලශක්ති අමාත්ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) තෙදින නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. ඔහු සමඟ තවත් නියෝජිතයින් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති. රුසියාවේ මොස්කව් නුවර සිට ‘එරොෆ්ලොට්’ (Aeroflot) ගුවන් සේවයට අයත් එස්.යූ.- 588 දරන විශේෂ ගුවන් යානයෙන්
රෝහල් පෝලිම් යුගය නිමාවට: ගාල්ල ජාතික රෝහලෙන් ශ්රී ලංකාවේ ප්රථම ‘ස්මාර්ට් ටෝකන්’ ක්රමය
සායනික රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේදී පෝලිම්වල රැඳී සිටීමෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමේ අරමුණින්, ශ්රී ලංකාවේ ප්රථම වරට “ස්මාර්ට් ටෝකන්” (Smart Token) ක්රමවේදයක් හඳුන්වා දීමට ගාල්ල ජාතික රෝහල පියවර ගෙන තිබේ. මෙම නව ක්රමවේදය යටතේ, සායනයෙන් ඖෂධ වට්ටෝරුව ලබාගන්නා රෝගීන් එය ඖෂධ නිකුත් කරන ස්ථානයට ඉදිරිපත් කර ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන්
ශ්රී ලංකාවට කුඩු සපයන ප්රධාන ජාවාරම්කරුවන් 29ක් CID අත්අඩංගුවට; දේශපාලනඥයන් මැතිවරණ කළේ මේ සල්ලිවලින් – සුනිල් වටගල
ශ්රී ලංකාවට මත්ද්රව්ය සපයන ප්රබල ජාවාරම්කරුවන් 29 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ඇති බව මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය, නීතිඥ සුනිල් වටගල පවසයි. ත්රිකුණාමලය ප්රදේශයේ අද (25) පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව අනාවරණය කළේය. “මෙම
ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී ප්රධාන වශයෙන් මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා සිය නිල ‘X’ (පෙර ට්විටර්) ගිණුමේ
රාත්රී 6ත් 10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න; දැන්වීම් පුවරු සහ වීදි ලාම්පු සීමා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ශ්රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය උපරිම මට්ටමට ළඟා වන පස්වරු 06.00 සිට රාත්රී 10.00 දක්වා කාලසීමාව තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කිරීමටත්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන්
ශ්රී ලංකාව අපේ මිතුරෙක්; ඉල්ලුවොත් තෙල් දෙන්නත්, ලාංකිකයන්ට ආරක්ෂාව දෙන්නත් සූදානම් – ඉරාන තානාපති
ශ්රී ලංකාව තම රටේ සමීප මිතුරෙකු බවත්, ඕනෑම අවස්ථාවක මෙරටට උපකාර කිරීමට ඉරානය සූදානමින් සිටින බවත් ශ්රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh) අවධාරණය කරයි. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ අද (23) පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් තානාපතිවරයා පෙන්වා දුන්නේ, ශ්රී ලංකාවට අවශ්ය ඉන්ධන හෝ වෙනත් ඕනෑම අත්යවශ්ය භාණ්ඩයක්
ඉන්ධන ටෙන්ඩර් වංචාව: අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙයි
රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනා මත, හිටපු අමාත්ය අර්ජුන රණතුංගට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්ර අද (23) කොළඹ මහාධිකරණයේදී විත්තිකරුවන් වෙත භාර දෙනු ලැබීය. පසුගිය ජනවාරි 22
දූෂණ දර්ශකයෙන් ලංකාව ස්ථාන 14ක් ඉදිරියට: ශ්රී ලංකාවේ අල්ලස් සහ දූෂණ තර්ජන මට්ටම පහළට
ශ්රී ලංකාව තුළ අල්ලස් සහ දූෂණවලට එරෙහිව ගනු ලබන දැඩි නීතිමය ක්රියාමාර්ග හේතුවෙන් එම අපරාධ ආශ්රිත තර්ජන මට්ටම කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය බුද්ධි ඒකකය (FIU) විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් තහවුරු කර තිබේ. මීට පෙර ‘ඉහළ මධ්යම’ (High Medium) කාණ්ඩයේ පැවති
අමෙරිකානු විශේෂ නියෝජිත සහ ජනාධිපති අතර හමුවක්; මැදපෙරදිග අර්බුදයේ ලංකාවේ ස්ථාවරය ගැන පැහැදිලි කරයි
දිවයිනට පැමිණි දකුණු සහ මධ්යම ආසියාව සඳහා වන අමෙරිකානු විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී
අල්ලන මත්ද්රව්ය විනාශ කරනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න – ජනපතිගෙන් උපදෙස්
මත්ද්රව්ය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ප්රමාණාත්මක වර්ධනය සාධනීය වුවද, අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් පොදු සමාජය සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීම ප්රමුඛ අවශ්යතාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඒ සඳහා අවශ්ය නීති සංශෝධන කඩිනම් කරන ලෙස ද ඔහු අදාළ අංශ වෙත