පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27
මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…
එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට හිතුණ පළියට තමන්ව සමඟි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් පවා ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව සඳහන්
අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම
ඇමති ධුර හෙබවූ බොහෝ පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිවරුද හොරු බවත් ඔවුන් “මාටියා පාර” ගහපු අය බවත් කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ සමයේ හිටපු ඇමති කුමාර වෙල්ගම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (10) පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් අතරතුරය. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, “රනිල්
මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් විය යුතු බවට මේ වනවිට සජිත් පිල තුළ දැඩි බලපෑමක් අලුතින් හට ගෙන ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක සජිත් පිළ තුළ නැවත වරක් එම බලපෑම වර්ධනය වී තිබේ. මෙයට පෙර අවස්ථා කිහිපයක දී ද එක්සත් ජාතික පක්ෂය
අඩු කුලේ හැත්ත අයින් කරන්න – සජබ පොළොන්නරු සංවිධායක
පොළොන්නරුව දිස්ත්‍රික් සජබ සංවිධායක සුධීර බණ්ඩාර ගන්කේවල රොටවැව විද්‍යාලයේ උත්සවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබුණා. ඔහු විපක්ෂ නායකවරයා සමඟ සම අසුන් ගෙන උත්සවයේ හිඳින ඡායාරුප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එනම් ජුනි 11 වෙනිදා ඔහු විසින් පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති, වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල
ජලනි හිරුනිකාව කපලා, සජබ ඇවිලෙයි…
සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට වසර 3ක සිර දඬුවම් ලබාදීමත් සමඟ කරුණු කිහිපයක් මුල් කර ගනිමින් සජිත් ප්‍රේමදාස පිලේ අභ්‍යන්තර ගැටුම් නවතම වටයකින් ඇවිලී ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වන කරුණුවලින් තහවුරු වේ. මෙම ගැටුම්වලට මූලික ම හේතුව වී තිබෙන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දැරූ ක්‍රියාකාරී
සජිත් ලඟින්ම සිටින 12ක් ගැන සැකයෙන්
මේ වනවිට සජිත් ප්‍රේමදාස සමඟ එක්වී සිටින පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු 12 දෙනෙකු සමඟ නැවත වරක් ගිවිසුමකින් බැඳීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ පිළිබඳව ලංකාදීප පුවත්පතට හෙළිකර ඇත. පොහොට්ටු පක්ෂයෙන් ඉවත්වී සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ මන්ත්‍රීවරු පිරිසක් වරින් වර විවිධ ගිවිසුම්
තරුණයෙකුට තග දාපු සජබ හිරුනිකාට වසර 3ක සිර දඩුවමක්
පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහ අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන්
එකවර නිහඩ වූ නලීන්
පසුගිය කාලයේ සමගි ජන බලවේගය තුළ ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා එක් වරම නිහඬතාවයකට පත්වී සිටින්නේ කුමන හේතුවක් නිසා දැයි මාධ්‍ය ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මත දක්වන්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා මත දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස
සජබේ රත්තරංගෙන් ප්‍රා.ලේට තගක්
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව අනාවරණය වේ. එම මන්ත්‍රීවරයාගේ චන්ඩිකම පිළිබඳව සමගි ජන බලවේගය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. එමෙන් ම රජයේ පරිපාලන නිලධාරියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව