අනුර -ට්‍රම්ප් හමුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්‍රී ලංකාව වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.
උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැති ප්‍රධානත්වයෙන් කටයුතු ඇරඹේ
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය, නව ගෝලීය ප්‍රවණතා සහ රටේ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ca جامع ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නාය. දැනට පවතින නීති,
අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (සැප්තැම්බර් 22) රාත්‍රියේදී ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී
2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්
2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ
තමා සිය දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ඕනෑම අවස්ථාවක හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන්නේ එය කළ හැකි නිසා බවත්, ජනතාවගේ මුදල් සොරකම් කළේ “පෝලිමට හිරේ යන කට්ටිය” මිස තමන් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්
ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ
නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්
පසුගිය පාලන සමයන්හිදී කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දීමට සිදු වූ කිසිදු ආකාරයක කරදරයක් වත්මන් රජය යටතේ සිදු නොවන බවට වරාය, මහාමාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහතික විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා
විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්
විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් මැතිවරණ පනත යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ. එසේවුවද ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන
‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි
රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන පිහිටුවා අවසන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස්
ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය. ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය