2026 වර්ෂය සඳහා වන ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී පැවැත්විණි.

උතුරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ 2026 වසර තුළ දිවයින පුරා නව නිවාස 31,000ක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.