‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි සිදුවූවන් සඳහා නව නිවාස ඉදිකිරීම සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර ප්‍රදේශවලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්ධිය සහ රිදීගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලත් විපතට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කෙරෙනු ඇත.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ක්‍රියාත්මක රජයේ පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ.