රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණු වසර ලෙස 2025 වර්ෂය වාර්තාගත වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසර තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක වාර්තාගත ආදායමක් විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.
රට තුළ කිසිදු අර්බුදයකින් තොරව යථා තත්ත්වයෙන් කටයුතු පවත්වාගෙන යාම සඳහා මූලික බලපෑමක් සිදු කර ඇත්තේ විදේශ ශ්‍රමිකයන් බවත්, ආර්ථික ස්ථාවරත්වයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.