රජයට ආදායම් උපයා දෙන ප්‍රධානතම ආයතන තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු 2025 වර්ෂය සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, රුපියල් බිලියන 336.9ක (රුපියල් කෝටි 33,690) අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉපැයීමේ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමකි.
පසුගිය වසරේ කාර්ය සාධනයට අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 227.4ක ඉලක්කයක් වෙනුවට රුපියල් බිලියන 231.3ක් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2,170ක ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 2,203ක් ද උපයා ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2,115ක ඉලක්කයක් හමුවේ රුපියල් බිලියන 2,415ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය.
පෙර වසරවලදී ජාතික අයවැය මගින් ලබා දෙන ඉලක්කවලින් 90%ක්වත් සපුරා ගැනීමට මෙම ආයතන අපොහොසත් වූ පසුබිමක, මෙවර ප්‍රථම වතාවට එම ඉලක්ක 100% ඉක්මවා යාම තුළින් රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව සහ ලාභදායීත්වය තහවුරු වී ඇත.