“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව අද (19) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බවයි.
මෙම අරමුදල් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ බෙදා වෙන් කර ඇත. ඒ අනුව හානි වූ මහා මාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 250ක් ද, ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 150ක් ද, නිවාස අහිමි වූවන්ට වන්දි සහ සහන ලබා දීමට රුපියල් බිලියන 100ක් ද වෙන් කර තිබේ.
මෙම අරමුදල් සපයා ගැනීමේදී ජනතාව මත කිසිදු බදු බරක් පැටවීමට හෝ අමතර ණය ලබා ගැනීමට රජය අපේක්ෂා නොකරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ වෙනුවට මුදල් අමාත්‍යාංශය සතු ඉතිරි වී ඇති අරමුදල් සහ දැනට අනුමත ණය සීමාවන් තුළ මෙම මුදල් සොයා ගැනීමට සැලසුම් කර ඇත.
මේ අතර රට යළි ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ආධාර සමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ‘රීබිල්ඩින්ග් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) කමිටුව තීරණය කර තිබේ. එසේම විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ආරම්භ කළ බැංකු ගිණුම් වෙත මේ වන විට රුපියල් බිලියන 04කට අධික පරිත්‍යාග ලැබී ඇති බව ද වාර්තා වේ.