ශ්‍රී ලංකාවේ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙරට තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විනිවිදභාවයෙන් යුතු සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය, මීට පෙර 2024 ජූනි 11 වනදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබිණි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ‘ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව’ ද ස්ථාපිත කර ඇත.
කෙසේ වෙතත්, පසුගිය කාලයේදී රජයේ ප්‍රතිපත්තිවල සිදුවූ වෙනස්කම් සහ ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව හේතුවෙන්, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කළ යුතු බවට ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එම කමිටුව විසින් හඳුනාගත් සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇත.