මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්, එය අපරාධ රැසකට මූලික වී තිබීමත් සැලකිල්ලට ගනිමින්, ඉහළ දේශපාලන නායකත්වයක් සහ පුළුල් මහජන සහභාගීත්වයක් සහිත වැඩසටහනක අවශ්‍යතාව හඳුනාගෙන මෙම පියවර ගෙන තිබේ.
මෙම “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන අංශ කිහිපයකි:
- පුළුල් ප්‍රචාරණයක් හරහා සමාජය දැනුවත් කිරීම.
- විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය බිඳ දැමීම.
- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා පුනරුත්ථාපන අවස්ථා පුළුල් කර, ඔවුන්ව බලගැන්වීම.
- මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව සහ සහය ලබා දීම.