මෙම 2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ නව රජය ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ මුළු ප්‍රාථමික වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකර ගැනීමට සමත්වී ඇත.
ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත අනුව මෙම වසරේ රජයේ මුළු ප්‍රාථමික වියදම රුපියල් කෝටි හාරලක්ෂ විසිඑක්දහස් අටසියයකි (රු. කෝටි 42,1800). ගෙවී ගිය 2024 වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව රජයේ මුළු ප්‍රාථමික වියදම රුපියල් කෝටි හාරලක්ෂ තිස්පන්දහස් අටසියයක් (රු. කෝටි 43,5800) වී තිබුණි.
මේ අනුව දැඩි අසීරු පසුබිමක වුවද මෙම වසර වෙනුවෙන් රජයේ ප්‍රාථමික මුළු වියදම රුපියල් කෝටි දාහතර දාහකින් (රු. කෝටි 14,000) අඩුකර ගැනීමට නව රජය ක්‍රියාකර ඇත. මහජන සුබසාධන වැඩිකර පාසල් සිසුන් වෙනුවෙන් පොත්පත් සහ ලිපිද්‍රව්‍ය ගැනීමට රුපියල් 6000ක දීමනාවක් ගෙවීම මෙන්ම උපයනවිට ගෙවීම් බදු අයකරන පදනම් සීමාව ඉහළ දමා බදු අනුපාත අඩුකර තිබෙන පසුබිමක රජයේ වියදම් මේ ලෙස අඩුකර තිබීම විශේෂත්වයකි.