නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව මහාධිකරණ විණිසුරු කේ.එම්.එස් දිසානායක සහ මහාධිකරණ විණිසුරු ආර්.පී හෙට්ටිආරච්චි ජනාධිපති ඉදිරියේ මෙලෙස දිවුරුම් දී ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.