ඇඳුම මොකක් වුණත් වැඩක් නෑ; බොරු කියන අයගේ රෙදි ගලවනවා – ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්
වත්මන් රජය ජනවරමට අනුකූලව ක්‍රියා කරමින් සිටින බවත්, එම ගමනට එල්ල වන විකෘති සහ අසත්‍ය චෝදනාවලට ඉදිරියේදී ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. “ලෙනින් කියවමු” තේමාව යටතේ පසුගිය 21 වැනිදා පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව
විරෝධතා නොතකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න – ‘අලුත් පියාපත්’ ඉල්ලයි
අනාගතයට ගැළපෙන තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් විපක්ෂය ගෙන යන වැඩපිළිවෙළ ඉතා පහත් දේශපාලන ක්‍රියාවක් බවත් “අලුත් පියාපත්” සංවිධානය අවධාරණය කරයි. “යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තාරුණ්‍යයේ පෙළ ගැස්ම” මැයෙන් අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයින් මේ
2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක
අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB),
ස්විට්සර්ලන්තයට ගිය අගමැතිනිය ගුවන් සේවා සහ මූල්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡා
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සමුළුවට (WEF) සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (20) ජාත්‍යන්තර ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූවාය. මෙහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය
අගමැතිනියට එරෙහි විශ්වාසභංගය අතුරුදන්; දින 10ක් ගියත් අත්සන් මදි
රජය විසින් හඳුන්වා දී ඇති නව අධ්‍යාපන පරිවර්තනය “අධ්‍යාපන අසභ්‍යකරණය” ලෙස හඳුන්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාව මේ වන විට අසාර්ථක වී ඇති බව වාර්තා වේ. විපක්ෂ නායකවරයා මෙම යෝජනාවට මුලින්ම අත්සන් තබා මේ වන විට දින 10කට
මත්ද්‍රව්‍ය අල්ලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47කගේ දුරකථන අංක ප්‍රසිද්ධ කෙරේ; තොරතුරු දෙන්න ජනතාවට විවෘත ඇරයුමක්
“රටම එකට” ජාතික ව්‍යාපාරය යටතේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා මහජනතාවගේ පුළුල් සහාය ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, දිවයින පුරා ආවරණය වන පරිදි එක් එක් පොලිස් කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47 දෙනෙකු වෙත සෘජුවම අදාළ තොරතුරු ලබා දීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන අංක ප්‍රසිද්ධ
වසර 20ක සහ 25ක සිර දඬුවම් අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් විභාගයට දින දෙයි
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු, එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන
බලංගොඩ කස්සප ඇතුළු 10 දෙනා 28 වනදා තෙක් රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බලංගොඩ කස්සප ඇතුළු සැකකරුවන් 10 දෙනා එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ ගිහි සැකකරුවන් හය
රනිල් බේරා ගැනීමේ මෙහෙයුමක්: ජනවාරි 28 නඩුවට පෙර ‘Free Lawyers’ කලබල වෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබියදී, ඊට පෙර නීති ක්ෂේත්‍රය තුළ යම් අස්ථාවරත්වයක් ඇති කරමින් ඔහුව ආරක්ෂා කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් දියත් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ගුණරත්න වන්නිනායක, මෛත්‍රී ගුණරත්න