ජනාධිපති අනුර සහ ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අතර හමුව ඇරඹේ
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ
සැකයෙන් බැලීම නවතා එකම අරමුණකින් රට ගොඩනගමු – ජනාධිපතිගෙන් ආරාධනයක්
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකා දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තම වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ
දේශබන්දුට එරෙහි නඩුව ඉවත දැමීම නීති විරෝධියි – මහාධිකරණය තීන්දු කරයි
2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝ ගම’ අරගලකරුවන්ට එල්ල වූ පහරදීම වැළැක්වීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින්, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය ඊයේ (18) තීන්දු කළේය. සෙයියදු
බැංකු ලොක්කන් කෝප් කමිටුව නොමග යවයි: දයා ගමගේගේ ණය පොල්ල වසන් කිරීමට උත්සාහයක්
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ දයා ගමගේට අයත්ව තිබූ ‘බිම්පුත්’ (Bimputh) නැමැති මූල්‍ය සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (NSB) අති විශාල ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව කෝප් (COPE) කමිටු රැස්වීමේදී අනාවරණය විය. දැනට බංකොලොත් වී ඇති බව කියන මෙම ක්ෂුද්‍ර
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරි වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියක දැක්වෙන්නේ, සිදු කළ මූලික විමර්ශනවලට අනුව වගකිවයුතු රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී
දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට
“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව
කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට
රුපියල් කෝටි 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය. කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශවූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරේ. පරිපූරක ඇස්තමේන්තු යෝජනාව හෙට විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.
‘දිට්වා’ විපතට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්
දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රට යළි ගොඩනැගීම සඳහා හදිසි ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබා දීමට ලෝක බැංකු සමූහය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කළ ඔරොත්තු දීමේ
අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි
ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රජයට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින්
ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
පසුගියදා ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිවලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ