මතුගම ප්‍රාදේශීය සභා සභාපති යළිත් පොලිස් අත්අඩංගුවට; ලේකම්වරියට බාධා කළැයි චෝදනා
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දමල්ගොඩගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සභාවේ සභාපති කසුන් මුණසිංහ අද (02) මතුගම පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය. අද පෙරවරුවේ ලේකම්වරිය රාජකාරිය සඳහා වාර්තා කළ අවස්ථාවේදී සභාපතිවරයා ඊට බාධා එල්ල කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇය විසින් මතුගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට
පාතාලය පටන් ගත්තේ කවුරු වුණත් ඉවර කරන්නේ අපි – අධිකරණ ඇමති
පාතාලය නිර්මාණය කළේ කවුරුන් වුවද, වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එය සියයට සියයක්ම අවසන් කිරීමට රජය කැපවී සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි. අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවති 2026 වසරේ බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන්ගේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
ග්‍රාමීය ජනතාවට සහනයක්: අලුත් බස් සේවා 40ක් ධාවනයට එක්වෙයි
ග්‍රාමීය ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව බස් රථ සේවා 40ක් ඊයේ (01) දින ආරම්භ කරනු ලැබීය. ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති සැලසුම් සහගත ව්‍යාපෘතියක ආරම්භක පියවර ලෙස මෙම බස් රථ 40 ධාවනයට එක් කර තිබේ. හුදෙක් මූල්‍යමය ලාභය පමණක් පරමාර්ථ කර
ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන ආදායම් ඉලක්ක 100% ඉක්මවයි
රජයට ආදායම් උපයා දෙන ප්‍රධානතම ආයතන තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු 2025 වර්ෂය සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, රුපියල් බිලියන 336.9ක (රුපියල් කෝටි 33,690) අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉපැයීමේ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමකි. පසුගිය වසරේ කාර්ය සාධනයට අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව
ගම්පහ වෙළෙඳුන් 1300ක් උසාවි : කෝටි 3ක දඩ මුදලක් අය කර ගනී
2025 වසර තුළ ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිදුකළ හදිසි වැටලීම්වලදී පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 1300 දෙනෙකුට එරෙහිව නඩු පවරා, රුපියල් තුන් කෝටි හැටපන් දහසක (රු. 30,065,000) දඩ මුදලක් අය කර ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම සඳහන් කරයි. මහජනතාව විසින් 1977 කෙටි දුරකථන
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (31) පස්වරුවේ දී ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ. අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත
ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී
ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ
ගාල්ල නගර සභාවේ නිලධාරීන්ට වතුර ගැසූ මන්ත්‍රීවරුන් 05 දෙනාට ඇප; අධිකරණයෙන් නියෝගයක්
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කරමින්, රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. සැකකාර මන්ත්‍රීවරුන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා
ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ජනවාරි 09 තෙක් රිමාන්ඩ්
සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, ලබන ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු
ව්‍රායී ඉදිරිපත් කළ අයවැය පාස්: කොළඹ නගර සභාව වැඩි ඡන්ද 2කින් අයවැය සම්මත කරයි
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත කර ගැනීමට හැකි වී තිබේ. නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් අද දිනයේ යළි ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක්