සජිත් – නාමල් එකතුවෙන් ආණ්ඩුවට එරෙහිව සතිපතා මඩ ප්‍රහාරයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ප්රමුඛ පිරිසක් එක්ව වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. සතියකට එක් වරක් බැගින් මෙම විකෘති හෝ අවලාදාත්මක ප්‍රචාර මුදා හැරීම මොවුන්ගේ උපාය මාර්ගය වී ඇත. මෙම මෙහෙයුම සඳහා සජිත්
ආයෝජන මණ්ඩලයෙන් නව ඉලක්කයක්: වසරක් තුළ ඩොලර් බිලියන 1.5ක් ගෙන්වීමට සැලසුම්
2026 වර්ෂය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන (FDI) ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රකාශ කරයි. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සිනොපැක් (Sinopec) තෙල් පිරිපහදුව, දත්ත මධ්‍යස්ථාන (Data Centers), කුළුබඩු සහ පුවක් සැකසීමේ ව්‍යාපෘති
බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස වැලිසර නව බන්ධනාගාරයක්
දිනෙන් දින ඉහළ යන බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත නව බන්ධනාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය තහවුරු කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට බන්ධනාගාර
වසර 07කට පසු IRONMAN ශ්‍රී ලංකාවට: රටවල් 45කින් ක්‍රීඩකයින් එයි
තුන් ප්‍රයාම ක්‍රීඩා (Triathlon) සඳහා ජනතාව දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ‘IRONMAN 70.3 Colombo’ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව අතර උපායමාර්ගික සහයෝගීතාවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය 21 වනදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය
ඇඳුම මොකක් වුණත් වැඩක් නෑ; බොරු කියන අයගේ රෙදි ගලවනවා – ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්
වත්මන් රජය ජනවරමට අනුකූලව ක්‍රියා කරමින් සිටින බවත්, එම ගමනට එල්ල වන විකෘති සහ අසත්‍ය චෝදනාවලට ඉදිරියේදී ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. “ලෙනින් කියවමු” තේමාව යටතේ පසුගිය 21 වැනිදා පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව
විරෝධතා නොතකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න – ‘අලුත් පියාපත්’ ඉල්ලයි
අනාගතයට ගැළපෙන තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් විපක්ෂය ගෙන යන වැඩපිළිවෙළ ඉතා පහත් දේශපාලන ක්‍රියාවක් බවත් “අලුත් පියාපත්” සංවිධානය අවධාරණය කරයි. “යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තාරුණ්‍යයේ පෙළ ගැස්ම” මැයෙන් අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයින් මේ
2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක
අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB),
ස්විට්සර්ලන්තයට ගිය අගමැතිනිය ගුවන් සේවා සහ මූල්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡා
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සමුළුවට (WEF) සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (20) ජාත්‍යන්තර ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූවාය. මෙහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය
අගමැතිනියට එරෙහි විශ්වාසභංගය අතුරුදන්; දින 10ක් ගියත් අත්සන් මදි
රජය විසින් හඳුන්වා දී ඇති නව අධ්‍යාපන පරිවර්තනය “අධ්‍යාපන අසභ්‍යකරණය” ලෙස හඳුන්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ කණ්ඩායම ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාව මේ වන විට අසාර්ථක වී ඇති බව වාර්තා වේ. විපක්ෂ නායකවරයා මෙම යෝජනාවට මුලින්ම අත්සන් තබා මේ වන විට දින 10කට