රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට..
සැප්තැම්බර් 6 වන සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ වාර්ෂික සම්මේලනයට විපක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යයි වාර්තා සන්ඩේ ටයිම්ස් කරයි. අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ පසුව ඇප මත නිදහස් වීමෙන් පසු රෝහල් ගතව සිට සිය නිවසට පැමිණි වික්‍රමසිංහ
රනිල්ගේ ජනාධිපති ලේකම් අද උදේම රහස් පොලිසියේ..
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරය සහ එම සංචාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය. වික්‍රමසිංහ මහතාට වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති
ලංසා අල්ලයි
හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු
රතන හිමි රිමාන්ඩ්
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය
‘ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්න අපි සූදානම්’ – නාමල්
ණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද ඔහු කියා සිටියි. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය
රාජිත රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට රාජිත සේනාරත්න ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ
රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අතර, ජනාධිපති
සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි
සෑම කාන්තාවකටම සහ ගැහැනු ළමයෙකුටම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කරමින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථා නිර්මාණය කර දිය යුතු බවත්, එමගින් රට තුළ පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)