වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්
පුවත්
0 min read
78

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

December 19, 2025
0

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරි වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියක දැක්වෙන්නේ, සිදු කළ මූලික විමර්ශනවලට අනුව වගකිවයුතු රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී

Continue Reading
දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට
පුවත්
1 min read
82

දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට

December 19, 2025
0

“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව

Continue Reading
කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට
පුවත්
1 min read
80

කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට

December 18, 2025
0

රුපියල් කෝටි 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි  අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය. කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශවූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා  මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරේ. පරිපූරක ඇස්තමේන්තු යෝජනාව  හෙට විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.

Continue Reading
‘දිට්වා’ විපතට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්
පුවත්
1 min read
83

‘දිට්වා’ විපතට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්

December 15, 2025
0

දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රට යළි ගොඩනැගීම සඳහා හදිසි ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබා දීමට ලෝක බැංකු සමූහය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කළ ඔරොත්තු දීමේ

Continue Reading
අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි
පුවත්
0 min read
81

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි

December 15, 2025
0

ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රජයට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින්

Continue Reading
ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
පුවත්
0 min read
99

ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්

December 9, 2025
0

පසුගියදා ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිවලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ

Continue Reading
ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
පුවත්
0 min read
103

ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි

December 9, 2025
0

රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ හැකි

Continue Reading
ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
පුවත්
0 min read
81

ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි

December 1, 2025
0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්තවලට අනුව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1,156,860ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ආපදා හේතුවෙන් මරණ 355ක් සහ අතුරුදන්වීම් 366ක් වාර්තා වී ඇති අතර, පවුල් 318,252ක් පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Continue Reading
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්
පුවත්
0 min read
163

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්

December 1, 2025
0

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මාසයක විශේෂ සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පසුගිය මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් මෙම සහනය හිමි වන බව පොලිසිය සඳහන් කරයි. මෙම

Continue Reading
දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
පුවත්
1 min read
198

දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

December 1, 2025
0

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, සොරණාතොට, ඇල්ල, හපුතලේ, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, වැලිමඩ, පස්සර, බන්ඩාරවෙල, ලුණුගල, බදුල්ල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

Continue Reading