එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.