සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් ඊයේ (22) යොමු කළ ලිපිය තමන්ට ලැබුණු නම්ත් එම දිනවලින් කිසිදු දිනක, නායක අනුර දිසානායක සමග විවාදය පැවැත්වීමට නොහැකි බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ තීරණය ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කරන්නේ එම දිනවල යොදාගත් වැඩ ඇති බැවින් ලබන 25 හෝ 26 වනදා ජාතික ජනබලවේයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස සමග පාර්ලිමේන්තුවේ දී හමු වී දෙපාර්ශ්වයම එකඟවන දිනයක් මෙම විවාදය සඳහා යොදාගැනීමට කටයුතු කරන බවය.

නායකයින්ගේ වාදය සහ ආර්ථික කමිටුවේ විවාදය යන දෙකම සිදුකිරීමට එකඟතාවය පළවිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වෙනුවෙන් එහි ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩර වෙත ඊයේ යොමු කළ ලිපියක් මඟින් දැනුම් දුන්නේ, ලබන මැයි මස 07, 09, 13 සහ 14 යන දිනවලින් ඕනෑම දිනයක් තුළ එම විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානයක සූදානම් බවය.