ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රියේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි.

මෙම හමුවේදී ඉන්දු-ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය.

සුහදශීලී සංවාදයක් අනතුරුව, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පරිනමා ඇත.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.