මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ.
වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 371කින් සීමාකරගෙන ඇති බවයි. එමෙන්ම ගෙවී යන මෙම දෙසැම්බර් මාසය තුළ ලබාගැනීම සඳහා ඉතිරිව තිබෙන ණය ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,030ක් වී තිබෙන බවත් නමුත් ඊට වඩා බෙහෙවින් අඩු අගයක් ලබා ගනු ඇති බවත් පුරෝකථනය කර තිබේ.
මෙම වසරේ සමස්ත ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් බිලියන 3,670ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි. එයින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව රුපියල් බිලියන 1,766ක් ණය වශයෙන් ලබාගැනීමට මුල් ඇස්තමේන්තුව අනුව ඉතිරි වී තිබුණද එය රුපියල් බිලියන 1,612කින් සීමාවන ඇති බව වැඩිදුරටත් හෙළි කර තිබේ.