ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (25) රාත්‍රියේදී ස්වීඩනය බලා පිටත්ව යාමට නියමිතය.
ඔහු එරටහිදී පැවැත්වෙන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය.
අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.