ජනතාව විසින් පරාජය කරනලද කණ්ඩායම් සහ පුද්ගලයන් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳව ගෙනයන අසත්‍ය සහ විකෘති ප්‍රචාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහ එම ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු හට යම් ගැටළුවක් ඇත්නම් විසඳා ගැනීම සඳහා දින දෙකක විවාදයක් ලබා දීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.

මේ අනුව ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ එම විවාදය පැවැත්වෙන අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එම ව්‍යාපෘතිය පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව හෙළිකළාය.