අනුරගේ අලුත්ම ගැසට් එක…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව
අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ ‘අප්‍රකට’ දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද?
වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළුව පක්ෂයේ වත්කම් ඔහු සතුය. ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය
ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය – 2024.09.25
ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි, දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි. ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.
අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…
අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.
විජිතට අමාතයංශ 6ක්
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්
අගමැති හරිනි
ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ
අනුර කාදිනල්තුමන් බැහැදකී – පාස්කු ප්‍රහාරයට අදාලව විශේෂ ප්‍රකාශයක්
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ජනාධිපති අනුර දිසානායක හමුවේ පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ කාදිනල්තුමන් මේ බව කීය. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරුතුමන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත
අනුරගේ කතාව
මෙරට නමවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) උදෑසන දිවුරුම් දුන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේ දී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබූ අයෙක්. ඒ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි. තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන්
ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවලට ලේකම්ධූර
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.