ලංසා අල්ලයි
හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු
රතන හිමි රිමාන්ඩ්
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අතර, ජනාධිපති
රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි
මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා ඇත. පසුගිය 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට
සේවයට වාර්තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්.
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි. තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ නිවාඩුද අවලංගු කර ඇති පසුබිමකයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි?
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන්
ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ
රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි..- නි. ඇමති
ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය ප්‍රතිවූයහගතකරණයවත් කර නොතිබූ බවද හෙතෙම පවසයි. රනිල් වික්‍රමසිංහලටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඒ මහතා කියා සිටී.
අගමැතිනිය- ඉන්දීය මහ කොමසාරිස් හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කළාය. දෙමළ භාෂා මාධ්‍යයේ
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන
දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත්