ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය නිල ‘X’ (පෙර ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කළේය. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බව ඔහු එම සටහන මගින් පෙන්වා දී තිබේ.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාව ඉතා සාර්ථක එකක් වූ බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.