රජය සෑම විටම අන්තර්ජාතික නීතීන්ට අනුකූලව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ආණ්ඩුව එලෙස වගකීම් සහගතව කටයුතු කරද්දී, විපක්ෂයේ ඇතැම් පිරිස් ‘ඉරාන නෞකාවේ ළමුන් 300ක් සිටි බවට’ අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමට උත්සාහ කළ බවට අමාත්‍යවරයා චෝදනා කළේය.
රට ගිනි තබා හෝ තමන්ට බලය ලබා ගත හැකිදැයි යන්න විපක්ෂයේ එකම බලාපොරොත්තුව වී ඇති බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාර හරහා ඔවුන් උත්සාහ කරන්නේ එම අරමුණ ඉටු කර ගැනීමට බවත් හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේය.