රාජපක්ෂ හිතවාදී භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කිරීමට නියමිත විශේෂ සමුළුවකට, තමන් “රාජපක්ෂ නිකායට” අයත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදන්ත හිමියන් සහභාගී වන බව දැනුම් දීමත් සමඟ සංවිධායක මණ්ඩලය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර විදේශ රටකදී තරුණයෙකුට අපචාරයක් සිදු කිරීම සහ එහිදී කාන්තාවකගේ පහර කෑමකට ලක්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්විය. එම සිද්ධියෙන් පසු කලක් නිහඬව සිටි උන්වහන්සේ නැවතත් මෙම සමුළුව හරහා කරළියට පැමිණීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් දැඩි විරෝධය පළ කරමින් සිටිති.
සුදන්ත හිමියන්ගේ සහභාගීත්වයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශව සූදානම් වන බව වාර්තා වන අතර, මෙම තත්ත්වය සමනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඍජුවම මැදිහත් වී ඇත. හිටපු ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාට සහ අදාළ පාර්ශවයන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.