ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරනු ලබන දේශපාලනික පා ගමනක නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පා ගමනට සහාය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා හදිසියේ උන්වහන්සේ හමුවීමට තීරණය කර තිබේ. දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ, සජිත් ප්‍රේමදාසගේ මෙම ක්‍රියාකලාපය හරහා තමන් ද අන්තවාදී පිළ නියෝජනය කරන්නෙකු බව තහවුරු කිරීමට උත්සාහ කරන බවයි.
“යන බස් එකට ගොඩවීම” විපක්ෂ නායකවරයාගේ සුපුරුදු දේශපාලන උපාය මාර්ගය වුවද, මේ වන විට ඔහු වෙනත් කණ්ඩායම්වල මතවාදයන්ට යටත්ව කටයුතු කරන තත්ත්වයකට පත්ව ඇති බවට විචාරකයෝ චෝදනා කරති.
විශේෂයෙන් ත්‍රිකුණාමලයේ අනවසර ඉදිකිරීම් සහ නීතියට පටහැනි ක්‍රියා සම්බන්ධයෙන් මීට පෙර ඍජුව පෙනී නොසිටි සජිත් ප්‍රේමදාස, මෙම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අභිබවා යමින් දේශපාලන වාසි ලබා ගැනීමට සහ අන්තවාදී මතවාදයන් නියෝජනය කිරීමට උත්සාහ දරන බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.