ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් සහ චාම් අයුරින්, රටේ සියලු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම ඇතැම් පාර්ශවයන්ගේ සිත් රිදවීමට සහ ද්වේෂයට හේතු වී ඇති බව ස්වාධීන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පසුගිය වසරේ මෙන්ම මෙවර ද කිසිදු ජන කොටසකගේ සිත් රිදවීමකින් තොරව ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කිරීම දැඩි ඇගයීමට ලක් කරන එම විචාරකයින් අවධාරණය කරන්නේ, යාපනයේ දෙමළ ජනතාවට මෙන්ම බෙලිඅත්තේ සිංහල ජනතාවට ද තමන්ගේ මියගිය ඥාතීන් සැමරීම සඳහා එක හා සමාන අයිතියක් තිබිය යුතු බවයි. රජය එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම ජාතික සංහිඳියාවට රුකුලක් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මෙම සාර්ථක නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් විවිධ විකෘති අර්ථකථන ඉදිරිපත් කිරීමට යම් කණ්ඩායමක් උත්සාහ දරමින් සිටින බව නිරීක්ෂණය වේ. එම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය, නව විගණකාධිපතිවරයෙකු පත් කිරීම සහ රජය හඳුන්වා දී ඇති නව කුලී නිවාස පනත් කෙටුම්පත වැනි කරුණු ද මෙම විවේචන සමඟ පටලවා ගනිමින් මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කරන බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් සඳහන් කරති.