විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් එක්ව වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. සතියකට එක් වරක් බැගින් මෙම විකෘති හෝ අවලාදාත්මක ප්‍රචාර මුදා හැරීම මොවුන්ගේ උපාය මාර්ගය වී ඇත.
මෙම මෙහෙයුම සඳහා සජිත් සහ නාමල්ට අමතරව උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර එක්ව වෙනම ‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පවත්වමින් අදාළ සැලසුම් සකස් කරන බව හෙළි වී ඇත.
මෙහිදී සකස් කරගන්නා කරුණු, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සමාජගත කිරීම සඳහා දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, චමින්ද විජේසිරි, දිලිත් ජයවීර, ඩී.වී. චානක සහ චාමර සම්පත් යන මන්ත්‍රීවරුන් යොදා ගැනීමට සැලසුම් කර තිබේ. එසේම පාර්ලිමේන්තුව නොපැවැත්වෙන සතිවලදී අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි සූක්ෂම ආකාරයට මෙම ප්‍රචාර ගෙන යාමට ද මොවුන් පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.