රජය විසින් හඳුන්වා දී ඇති නව අධ්‍යාපන පරිවර්තනය “අධ්‍යාපන අසභ්‍යකරණය” ලෙස හඳුන්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාව මේ වන විට අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයා මෙම යෝජනාවට මුලින්ම අත්සන් තබා මේ වන විට දින 10කට වැඩි කාලයක් ගත වී ඇත. එහෙත්, යෝජනාව භාර දීමට අවශ්‍ය මන්ත්‍රී අත්සන් සංඛ්‍යාවෙන් අඩක්වත් සම්පූර්ණ කර ගැනීමට විපක්ෂයට මෙතෙක් නොහැකි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විවේචනය කරමින් අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගත් ප්‍රචාරක ව්‍යාපෘතියක් ද විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ මෙම උත්සාහය මේ වන විට අඩපණ වී තිබේ.